මේස කියත් (Table Saw) ආරක්‍ෂාකාරීව භාවිතය

වඩු කාර්මික මිතුරු හමුව FB සමුහයේ සාකච්චා වුනු නිසාවෙන් සහ මම දැකපු විදියට ලංකාවේ භාවිතා වන table saw වැඩි හරියක් ආරක්ෂාකාරී නොවන නිසා මෙම සටහන ලියන්න මම අදහස් කලා. මුලින්ම කියන්න ඕන මම වුර්තීමය වඩු කාර්මිකයෙක් නෙමෙයි මගේ අදහස මේ ගැන පොඩි දැනුවත් කිරීමක් සහ සාකච්චාවක් ඇතිකිරීම විනා විශේෂඥ උප්දදෙස් දීම නොවෙයි.

ආපසු පැනීම (Kickback)

කපන ලීය ආපසු පැනීම නිසා මේස කියතකින් භයානක අනතුරක් විය හැකියි. පහත දැක්වෙන youtube වීඩියෝවෙන් ආපසු පැනීම විදහා දැක්වේ.

ආපසු පැනීම වැලැක්වීම සඳහා නවීන මේස කියත් වල ප්‍රධාන වශයෙන් ආරක්ෂක උපාංග දෙකක් භාවිත වේ.

Riving Knife - විබෙදුම් තලය

මෙය කියත් තලයට පිටුපසින් සවිවන ලෝහ තහඩු කැබැල්ලකි. මෙහි ගනකම කියත් තලයේ කැපුම් වාසියට (Kerf) වඩා මදක් අඩුවන අතර තලයේ ගනකමට (plate thickness) සමාන හෝ මදක් වැඩි වේ. මෙම උපකරණය මගින් ලීය ඇලවී කියත් තලයට බදා අල්ලාගැනීම නවතාලයි.

පහත චායාරූපයෙන් විබෙදුම් තලයක් දැක්වේ.

Riving Knife

චායාරූපය - Dietmar Rabich, Haltern am See, Sythen, Werkzeughalle der Quarzwerke – 2015 – 4452, CC BY-SA 4.0

මෙම උපකරණය භාවිතා වන කියතක, තලය වෙනස් කරනවානම් අනිවාර්යෙන් එයට ගැලපෙන නව විබෙදුම් තලයක් සවිකළ යුතු වේ.

Anti Kickback Pawls - ආපසු පැනීම වලකන දිවත

මෙය කියත් තලයට පිටුපසින් සවිවන දැති සහිත උපකරනයකි. පහත චයාරූපයෙන් දැක්වෙන මෙහි දැතිවල හැඩය නිසා ලීය ආපසු පැමිණීම වැලකෙයි.

Anti Kickback Pawls චායාරූපය - Marc Lyman

ඉහත සඳහන් උපකරණ වලට අමතරව push stick සහ push block බාවිතා කිරීමෙන් කියත් තලයෙන් අත් වලට සිදුවන අනතුරු අවම කර ගත හැකියි.